ප්‍රවීණ මාධ්‍යවේදී එච්.එල්.ඩී. මහින්දපාල අභාවප්‍රාප්ත වෙයි: අවසන් කටයුතු හෙට

0
328

MAWBIMA LK NEWS

01/02/24

කෘතහස්ත මාධ්‍යවේදී එච්.එල්.ඩී. මහින්දපාල අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 93 වන වියේ පසු විය.

සන්ඩේ ඔබ්සර්වර් සහ ඔබ්සර්වර් (ඩේලි) පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයෙකු ලෙස සේවය කළ ඔහු 50 දශකයේ ප්‍රකට මධ්‍යවේදින් වන ක්ලැරන්ස් ප්‍රනාන්දු, ඩෙන්සිල් පීරිස් වැන්නවුන්ගේ සමකාලීනයෙකි.

කෙසේ වෙතත්, ඔහු 70 දශකයේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය විය.

එහි සිට ඩේලි නිව්ස් පුවත්පතට විවිධ ලිපි සහ විශේෂාංග සැපයූ අතර එම ලිපිවල පළවූ අදහස් ඔස්ට්‍රේලියාවේ සහ වෙනත් රටවල ද ශ්‍රී ලාංකික සම්බන්ධතා සම්බන්ධයෙන් වැදගත්කොට සැලකිණි.

ඔහු සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස පත් වන්නේ 1990 වසරේදී ය.

තීරු ලිපි සහ කතුවැකි රචකයකු ලෙස විවිධ ලේඛන ශිල්පීය ක්‍රම මාධ්‍ය කලාවට හඳුන්වා දුන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස ද ඔහු ප්‍රකට ය.

ඔහු ශ්‍රී ලංකා කර්තෘ සංසදය ජීවිතයේ එක්වරක් පමණක් ලබා දෙන සම්මානයකින් පිදුම් ලැබූ ජනමාධ්‍යවේදියෙකු විය.

මහින්දපාල මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී හෙට (පෙබ. 2) සවස 4:00ට සිදු කිරීමට නියමිත ය.

අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය අද (පෙබ. 1) පෙරවරු 9:00 සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර අවමංගල්‍ය පෙරහර හෙට (පෙබ. 2) පස්වරු 3.30ට ජයරත්න මල් ශාලාවෙන් පිටත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here