
ඉම්රාන් ඛාන් සහ බිරිඳට තවත් වසර 14ක සිරදඬුවමක්
ARUNA LK NEWS
By Anjali Withanage -ජනවාරි 31, 2024
පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබීට වසර 14ක සිර දඬුවමක් අද (ජන. 31) නියම කර තිබේ.
රාජ්‍ය රහස් හෙළි කළ බවට චෝදනා එල්ල කරමින් ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක් නියම කර දිනකට පසුව මෙම දඬුවම ලබා දීම විශේෂත්වයකි.
2022 වසරේදී සිය විරුද්ධවාදීන් විසින් අගමැති ධූරයෙන් නෙරපා හරින ලද ඉම්රාන් ඛාන් දූෂණ චෝදනාවන්ට වරදකරු කර මේ වින විට ත් වසර තුනක සිර දඬුවමක් විඳිමින් සිටී.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඔහුගේ බිරිඳ මෙම නඩු විභාගය අතරතුර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ය.
රාජ්‍ය ත්‍යාග නීති විරෝධී ලෙස පෞද්ගලික ලාභ සඳහා විකුණා ඇති බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇතැයි එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.