ජනපතිට කැළණියේ දී විරෝධතාවක්

0
432

ජනපතිට කැළණියේ දී විරෝධතාවක්
ARUNA LK NEWS
31 January 2024

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ නව ගොඩනැඟිලි පරිශ්‍රය විවෘත කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (31) පෙරවරුවේ සහභාගී විය

ඒ අනුව නව ගොඩනැගිලි පරිශ්‍රය අද (31) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කර තිබේ.

ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවක නිරත වු අතර පෙරේදා රාත්‍රීයේ ඔවුන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිදුකළ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුවුණි.

කෙසේවෙතත් අනතුරුව සිසුන් එම ස්ථානයෙන් විසිර ගියද ඔවුන් ඊයේ සවස් වන තුරුම විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ලකට කිසිදු පාර්ශවයකට ඇතුළු වීමට ඉඩ ලබානොදී විරෝධතාවක නිරතව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here