ලබන වසරේ සිට දේපලවලටත් බද්දක්

0
246

ලබන වසරේ සිට දේපලවලටත් බද්දක්

LANKADEEPA LK NEWS

(යොහාන් භාසුර)

2024 ජනවාරි මස 29 බැලුවෝ – 4000

නව දේපල බද්දක් 2025 වසරේ හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

දේපල බද්ද සෘජු බද්දක් වන අතර එම බද්ද ඉහළ දේපලක් ඇති පුද්ගලයන්ගෙන් පමණක් අය කරන නිශ්චිත මුදලක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නව වක්‍ර බදු හඳුන්වා දීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් ආණ්ඩුවට නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවත් භාණ්ඩවල ඉල්ලු‍ම සැපයුම මත භාණ්ඩ මිල තීරණය වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

facebook sharing button
twitter sharing button
whatsapp sharing button

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here