
රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මිය යයි
LANKADEEPA LK NEWS
කතෘ මණ්ඩලය 2024 ජනවාරි මස 25 බැලුවෝ – 514
(බිමල් ශ්‍යාමන් ජයසිංහ,හිරාන් ප්‍රියංකර සහ විමුක්ති එස් රුද්‍රිගු)
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇතැයි රාගම රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් මෝටර් රථය කන්ටේනරයකට ඉස්සර කිරීමට යාමේදි මෝටර් රථයේ වම් පැත්ත එහි ගැනිමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා බරපතල තුවාල ලබා රාගම රෝහලට රැගෙන ගොස් ඇත. ඒ වන විට රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂකය මියගොස් සිටි බව වාර්තා වේ.
———————————————–
(හිරාන් ප්‍රියංකර ජයසිංහ, බිමල් ශ්‍යාමන් ජයසිංහ, විමුක්ති එස් රුද්‍රිගු)
කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු තිදෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි තහවුරු නොවු පුවත් වාර්තා කරයි.
අධිවේගී මාර්ගයේ ධාවනය වූ රාජ්‍ය අමාත්‍ය වරයා ගමන් ගත් වාහනය කන්ටේනරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද වාර්තා වේ. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි