
ARUNA LK NEWS
23 January 2024
සැමෝවා රාජ්‍යයට ප්‍රථමවරට ජාත්‍යන්තර රූපලාවන්‍ය තරගාවලියක ජයග්‍රහණයක් රැගෙන ඒමට ශ්‍රී ලාංකික සම්බවයක් සහිත නිරූපන ශිල්පිනියක් සමත්ව තිබෙනවා.
ඇය නමින් පර්ල් කුරුප්පු.
ජාත්‍යන්තර මිස් ග්ලෝබල් රූපලාවන්‍ය තරගාවලියට සැමෝවා රාජ්‍යය නියෝජනය කරමින් එක්වන පර්ල් කුරුප්පු එහි අනුශූරතාවය දිනාගැනීමට සමත්වනවා.
ඇයගේ මව සැමෝවා ජාතික කාන්තාවක් වන අතර පියා ශ්‍රී ලාංකිකයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සැමෝවා රූ රැජින වීමත් සමග ඇයට වියට්නාමයේ පැවති මෙම ජාත්‍යන්තර මිස් ග්ලෝබල් රූපලාවන්‍ය තරගාවලියට එක්වීමේ අවස්ථාව හිමිව තිබේ.