ඉන්දියාවේ බෝට්ටුවක් පෙරළී පාසල් දරුවන් 14ක් මරුට

0
234

ඉන්දියාවේ බෝට්ටුවක් පෙරළී පාසල් දරුවන් 14ක් මරුට

MAWBIMA LK NEWS

By Anjali Withanage -ජනවාරි 19, 2024

බටහිර ඉන්දියාවේ බෝට්ටුවක් පෙරළී අවම වශයෙන් පාසල් සිසුන් 14 දෙනෙකු හා ගුරුවරුන් 2 දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුර සිදුවී ඇත්තේ, ගුජරාට් ප්‍රාන්තයේ, වදෝදරා නගරයේ පිහිටි හාර්නි විලේදී ය.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, අධ්‍යයන චාරිකාවක නිරත වූ පාසල් දරුවන් පිරිසක් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට පත් වී ඇති අතර බෝට්ටුව තුළ පුද්ගලයින් 27 දෙනෙකු පමණ සිට ඇති බව ය.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව එම මාධ්‍ය වාර්තා කරයි.

වදෝදරා ප්‍රදේශයේ පොලිස් කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ, පුද්ගලයන් 7 දෙනෙකු පමණ ගලවා ගැනීමට හැකි වූ බව ත් ඔවුන් මේ වන විට රෝහලක ප්‍රතිකාර ලබන බව ත් ය.

එසේ ම, අනතුරට පත් වන අවස්ථාවේ කිසිදු පුද්ගලයෙකු ජීවිතාරක්ෂක කබා පැළඳ නොසිටි බව ඔහු සඳහන් කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, පසුගිය වසරේ ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේදී බෝට්ටුවක් පෙරළිමෙන් පුද්ගලයන් 22 දෙනෙකු මිය ගිය බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here