කළු ගඟේ දිය නාන්න ගිය සිසුන් තිදෙනෙක් මරුට

0
232

කළු ගඟේ දිය නාන්න ගිය සිසුන් තිදෙනෙක් මරුට
LANKADEEPA LK NEWS
(සුමිත් පොතුපිටිය)
කතෘ මණ්ඩලය 2024 ජනවාරි මස 14

උපන්දින සැම කළු ගගේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කලපුවේ අද පස්වරුවේ දිය නැමට ගිය 15 සහ16 හැව්රිදි පාසල් සිසුවියන් දෙදෙනකු සහ 17 හැව්රිදි සිසුවකු දියේගිලී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ කළුතර පන්විල ප්‍රදේශයේ පදිංචිව සිටී ඉවංගී මධුහාෂිනි (15) , දොඩංගොඩ නැවිලියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී කිවිදු සත්සර (17) සහ දොඩංගොඩ රතුකුරුස නිවාස හී පදිංචිව සිටී සුභානී සුපේසලා (16) නැමැති අයවලුන් බව පොලිසිය කිය.

මියගොස් ඇති සිසුවියන් දෙදෙනා මෙවර අපොස සාපෙල විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින අයවලුන් බවද පැවසේ.

මියගොස් ඇති සිසුවා මියගොස් ඇති එක් සිසුවියකගේ පෙම්වතා බවත්, ඇයගේ මවගේ උපන් දිනය නිමිත්තෙන් විනෝදයට දියනාමින් සිටියදී මෙලෙස දියේගිලී ඇති බවත් සදහන් වේ.

ඔවුන් පළමු කළුතර මුහුදේ දියනාමින් සිට ඇති අතර මියගොස් ඇති එක් සිසුවියකගේ ඉල්ලිම මත කළුගගේ කලපුවට දියනැමට පැමිණ ඇති බවද සදහන් වේ.

සිසුවියන් දෙදෙනා පළමුව දියේගිලී ඇති බවත්, ඔවුන් දෙදෙනා බේරාගැනීමට සිසුවා උත්සාහ ගැනීමේදී ඔහුද දියේගිලී ඇති බවත් සදහන් වේ.

දියනාමින් සිටි තිදෙනා දියේ ගිලී ඇති මොහොතේ උදව් ඉල්ලා කෑගැසීමේදී අවට සිටී බෝට්ටු සහ ජෙට්ස්කි කිහිපයක් ආ අතර, ජෙට්ස්කි වලින් ගොඩගෙන 1990 සුව සැරියෙන් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් , රෝහල් ගතකිරිමේදී මියගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here