
ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු T20 තරගය අද
ARUNA LK NEWS
14 January 2024
ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු T20 තරගය අද
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්ස තරගාවලිය අද සිට ආරම්භ වෙයි.
එම තරගාවලියේ පළමු තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
තරගය රාත්‍රී 7.00ට ආරම්භ වනු ඇත.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ නායකත්වය වනිදු හසරංග විසින් දරනු ලබන අතර, චරිත් අසලංක උපනායකත්වය දරනු ලබයි.