තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

0
103

ARUNA LK NEWS
11 January 2024

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 08කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත්විය.
වනිඳු හසරංග ලකුණු 19කට කඩුලු 07ක් බිඳදැමීය.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.

කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වුණි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාගැනීමටය.

අවස්ථා කිහිපයකදී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට ද සිදුවිය.

වර්ෂාවේ බාධා මැද සිය ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිලට පන්දුවාර 22යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 96ක් පමණි.

වර්ෂාව හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 27 බැගින් ලබාදීමට තීරණය විය.

මෙම තරගයේදී වනිඳු හසරංග ලකුණු 19කට කඩුලු 07ක් බිඳදැමීය.

ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු එක්දින තරගයක දැක්වූ දෙවන හොඳම පන්දුයැවීම ලෙස ද මෙය සටහන් විය.

තරගය ජයගැනීම සඳහා පන්දුවාර 27ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 97කි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 97ක් ලබා සිය ජයග්‍රාහණය වාර්තා කළේය.

කුසල් මෙන්ඩිස් පන්දු 51ක් තුළ නොදැවී ලකුණු 66ක් රැස් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here