ඔස්කාර් සම්මාන දිනූ Parasite චිත්‍රපටයේ නළු ලී සන්-ක්යුන් මරුට

0
375

ඔස්කාර් සම්මාන දිනූ Parasite චිත්‍රපටයේ නළු ලී සන්-ක්යුන් මරුට
MAWBIMA LK NEWS
By Anjali Withanage -දෙසැම්බර් 27, 2023

ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ දකුණු කොරියාවේ ‘පැරසයිට්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වූ දකුණු කොරියානු රංගන ශිල්පී ලී සන්-ක්යුන් මිය ගොස් තිබේ.

ඊයේ (දෙසැ. 26) ඔහු සෝල්හි ප්‍රධාන උද්‍යානයක මෝටර් රථයක් තුළ සිහිසුන්ව සිටියදී සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 48ක් විය.

මෙය සිය දිවි නසා ගැනීමක් ද යන්න තව ම අපැහැදිලි බව ත් නිවසින් පිටව යාමට පෙර ඔහු තබා ගොස් ඇති සටහනක් හමු වූ බව ත් පොලිසිය සඳහන් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව රජය විමර්ශනයක් ද ආරම්භ තිබුණු බව ය.

2020 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳ ම චිත්‍රපටය ලෙස දකුණු කොරියානු චිත්‍රපටයක් වන ‘පැරසයිට්’ සම්මානයට පාත්‍ර විය.

ලී සන්-ක්යුන් පැරසයිට් සිනමාපටයේ පියාගේ චරිතයෙන් රංගනයෙන් දායක විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here