ඉන්දියානු සාගරයේ තවත් භූ කම්පනයක්

0
309

ඉන්දියානු සාගරයේ තවත් භූ කම්පනයක්
ARUNA LK NEWS
29 December 2023

ඉන්දියන් සාගරය තුළ අද (29) පෙරවරු 8ට පමණ තවත් භූ කම්පනයක් වාර්තාවී තිබේ.

ඒ අනුව එම කාලාපය තුළ මේ වනවිට සිදුවී ඇති කම්පන සංඛ්‍යාව 4කි.

අද පෙරවරු 8ට සිදුවූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 5ක් ලෙස සටහන්වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන පැවසුවේය.

මීට පෙර රික්ටර් පරිමාණයේ ඒකක 4.8ක්, 5.2ක් සහ 5.8ක් ලෙස කම්පන 3ක් වාර්තාවී තිබුණි.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවය.

ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පන වාර්තා වී ඇත.

සාගර පතුලේ කඳුවැටියක මෙම භූ කම්පන හටගෙන ඇති බවද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here