
ලක්‍ෂ 2938 ක දේපළ යුක්තියෙන් පවරා ගනී
DIVAINA LK NEWS
අකිත පෙරේරා
December 23, 2023
වාහන වටිනාකම ලක්‍ෂ 1427 ක්
මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරීන් මර්දනය කිරීම සඳහා ආරම්භ කර ඇති ‘යුක්තිය’ ක්‍රියාන්විතය යටතේ මේ දක්වා (22 දා) සිදුකර ඇති සමස්ත දේපළ පවරා ගැනීම්වල වටිනාකම රුපියල් ලක්‍ෂ 2938.73 ක් බව මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කර සිටී.
ඒ යටතේ පවරා ගනු ලැබූ වාහනවල වටිනාකම රුපියල් ලක්‍ෂ 1427 ක් වන අතර ඉඩම් නිවාස, ස්පා සහ විලා ආදියෙහි වටිනාකම රුපියල් ලක්‍ෂ 1370 ක් වේ.
එහිදී අත්අඩංගුවට ගනු ලැබූ රත්තරන් තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 140.5 කි.
මුදල් ලෙස රුපියල් එක්ලක්‍ෂ විසිතුන් දහසක්ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
මෙම යුක්තිය වැඩසටහන යටතේ දේපළ පවරා ගැනීම් පසුගිය 19 දා සිට ආරම්භ කර ඇති අතර වෑන්, මෝටර් කාර්, යතුරුපැදි, ටිපර් රථ, බස් ආදී වාහන 20 කට වැඩි ප්‍රමාණයක් ද බහුදින ධීවර යාත්‍රාවක්ද අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සුඛෝපභෝගී විලා දෙකක් සහ ස්පා ගොඩනැඟිල්ලක්ද පොලිසිය විසින් පවරා ගත් බව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
හඳුනාගෙන ඇති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 109 දෙනකුගේ රුපියල් කෝටි සියයකට අධික වත්කම් තහනම් කිරීමට ද ඉදිරියේදී පොලිසිය කටයුතු කරනු ඇත.
අකිත පෙරේරා