ළමා මවූවරුන්ගේ වැඩි වීමක්

0
288

ළමා මවූවරුන්ගේ වැඩි වීමක්

ARUNA LK NEWS
18 December 2023

ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන්ද ලිංගික අපයෝජනයට ලක්වීමේ වැඩි ඉඩක් පවතින බව තම අධිකාරියට ලැබෙන පැමිණිලි අනුව අනාවරණ වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මේ බව පැවසීය.

මේ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය කුමාර අමරසිංහ සඳහන් කළේ බාල වයස්කාර ගැහැණු දරුවන් මව්වරුන් බවට පත්වීම බරපතළ සමාජ සහ නීතිමය ගැටලුවක් බවට පත්ව ඇති බවය.

පසුගිය නොවැම්බර් මාසයේ පොලිස් වාර්තා වලට අනුව බාලවයස්කාර ගැහැණු දරුවන් 10 දෙනෙකු ගැබ් ගැනීමට ලක්ව ඇත.

වසරේ ගෙවී ගිය කාලය තුළ ළමා මව්වරුන් 2000ක් වාර්තාවන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ වැඩිදුරටත් අනාවරණ කර සිටී.

මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් දරුවන් බේරාගැනීම සඳහා ඔවුන්ට ලිංගික අපයෝජනයන් සහ ඒවා වළක්වාගැනීම පිළිබඳව මනා දැනුමක් ලබාදීමද සිදුකළ යුතු බව ඔහු පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here