ප්‍රවීණ කාටුන් නිර්මාණ ශිල්පී කැමිලස් ඔබට සුබ ගමන්

0
235

ප්‍රවීණ කාටුන් නිර්මාණ ශිල්පී කැමිලස් ඔබට සුබ ගමන්


ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා අභාවප්‍රාප්ත වූ අතර ඔහු මියයන විට 84 හැවිරිදි වියේ පසුවිය.
කැමිලස් පෙරේරා 1939 දෙසැම්බර් 1 වැනිදා මීගමුවේ උපත ලැබූ අතර පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය.


1964 වසරේදී ලේක්හවුස් ආයතනයේ “සරසවිය” පුවත්පතින් කැමිලස් පෙරේරා මහතා කාටූන් චිත්‍රකතා නිර්මාණයට පිවිසිණි.ඔහුගේ කාටුන් දිවයිනේ බොහෝ පුවත්පත්වල දසක ගණනාවක් තිස්සේ පළකර තිබුණි.

කැමිලස්ගේ ගජ මෑන් මෙරට අතිශය ජනාදරයට පත් වූ කාටූන් චිත්‍ර කතාවක් වූ අතර එම චිත්‍රකතාව ඇසුරින් නිෂ්පාදනය කෙරුණු ගජ මෑන් චිත්‍රපටය දිවයිනේ වැඩිහිටි මෙන්ම ළමා පරපුරේ ජනාදරයට පත්වූ චිත්‍රපටියක් විය..

ඔහු කළ මෙහෙය වෙනුවෙන් පසුගිය වසරක සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙලේදී විශේෂ සම්මානයකින් පිදුම් ලබා ඇත.
ඔහු කලක් තිස්සේ රෝගාතුරව රෝහල්ගතව සිටි අතර ප්‍රතිකාර ලබා පැමිණ සිටි පෙරේරා මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව වාර්තාවල කියවේ.
.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහුගේ ඉල්ලීම අනුව අද දිනම (18) පස්වරුවේ වත්තල රෝමානු කතෝලික දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත යි. ලොවක් හිනැස්සු ඔහු රසික හදවත් හදවත් අමානන්දනයට පත්කළ කැමිලස් නම් නිහඬ ප්‍රවීණ කලාකරුවන්නට ,අපේ ජනමාධ්‍ය මිතුරාට අපේ ආචාරය.කැමිලස් ඔබට සුබ ගමන්

ශාන්ත සේනාධීර -ලංකා නිවුස් යුකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here