
‘මව්බිමේ’ විනීතාට සහ ‘චැනල් අයි’ සුනන්දාට
MABIMA LK NEWS
By Mawbima -දෙසැම්බර් 15, 2023
ස්ත්‍රීවාදී දෘෂ්ටි කෝණයකින් සමාජභාවය පිළිබඳ සංවේදීව වාර්තාකරණයේ යෙදීම වෙනුවෙන් දකුණු ආසියාතික රටවල මාධ්‍යවේදීන් වෙත පිදෙන “ලාද්ලි” සම්මානයෙන් ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනියන් දෙදෙනෙකු වන ‘මව්බිම’ සහකාර ප්‍රවෘත්ති කර්තෘ විනීතා එම්. ගමගේ සහ චැනල් අයි. හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනි සුනන්දා හෙට්ටිආරච්චි පිදුම් ලබා ඇත.
ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙකුට මෙම සම්මානය හිමි වූ ප්‍රථම වතාව මෙය වේ.
මුම්බායිහි ප්‍රාසාංගික කලා පිළිබඳ ජාතික මධ්‍යස්ථාන රඟහලේදී ඉකුත් 12 වන දා පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබුණේ, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, දකුණු ආසියාතික මාධ්‍යවේදිනියන්ගේ සම්මේලනය, පොපියුලේෂන් ෆස්ට් ඇතුළු සංවිධාන කිහිපයක එකතුවෙනි.
එහිදී ඇෆ්නිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, නේපාලය, මාලදිවයින, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාධ්‍යවේදිනියෝ 11 දෙනෙක් සම්මානයෙන් පිදුම් ලැබූහ.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඉන්දීය නියෝජිත ඇන්ඩ්‍රියා වෝනර්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන උළෙලේදී සම්මානනීය බොලිවුඩ් රංගවේදිනියක වන රසිකා ඩූගල් අතින් විනීතා සහ සුනන්දා සම්මාන ලබාගන්නා අයුරු.