A සමාර්ථ 25ක් ගෙදරට ගෙනා නිවුන්නු තිදෙනා

0
121

 A සාමාර්ථ 25 ක ත්‍යාගයක් නිවසට ගෙන ආ නිවුන් සොයුරෝ තිදෙනා
Lankadeepa lk News
ජේ.ඉඳුරුවගේ
08/12/23

අපොස සාමාන්‍ය පෙල විභාගයෙන් ඒ සාමාර්ථ 25 ක ත්‍යාගයක් දෙමාපියන්ට දායාද කිරීමට ගාල්ල මාපලගම නිවුන් සොයුරෝ තිදෙනෙක් සමත් වූහ.

මාපලගම පදිංචි අනුද මිනුල ගජනායක,අකිඳු විරුල ගජයක,අමිරු සනුල ගජනායක මේ අපූරු නිවුන් සොයුරෝ වෙති.


මෙයින් අනුද ඒ සාමාර්ථ නවයක් ද , අමිරු හා අකිඳු ඒ සාමාර්ථ අටක් හා බී සාමාර්ථ දෙක බැගින් ලබාද විභාගය ඉහළින්ම සමත්ව සිටිති.


මේ තිදෙනාම එකට ඉපිද නාගොඩ ප්‍රාථමික විදුහලේ එකට ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අතර අනුද 5 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 172 ක් ලැබ ගාල්ල

ශාන්ත ඇලෝසියස් විදුහලට ද ,ශිෂ්‍යත්වයෙන් ලකුණු 162 ක් ලැබ සමත්වූ අකිඳු සහ ආසන්නයටම පැමිණ එම කඩ ඉම අහිමිවූ අමිරු නාගොඩ රාජකීය

මහ විදුහලටද 6 ශ්‍රේණියට ඇතුළත්ව ඉගෙනුම ලබා සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට මෙම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here