
මාතර කොටුවෙන් හමුවූ අස්ථි අයත් යුගය තහවුරු වේ
ARUNA LK NEWS
08 December 2023
මාතර කොටුවෙන් හමුවූ අස්ථි අයත් යුගය තහවුරු වේ
මාතර කොටුව තුළ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් සිදුකළ කැණීමක් අතරතුර හමුවූ අස්ථි කොටස් සහ ද්‍රව්‍ය ලන්දේසි යුගයට අයත් බවට පුරාවිද්‍යා නිලධාරින් විසින් සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත.
එම ස්ථානයේ විදුලි රැහැන් කණුවක් සිටුවීමට වළක් හාරමින් සිටියදී මිනිස් අස්ථි කොටස් ,පෝසිලේන් ද්‍රව්‍ය, දුම්බටයක් හා මැටි භාණ්ඩ කිහිපයක් හමුවිය.
අනතුරුව ඒවා මාතර තාරකා කොටුව කෞතුකාගාරයේ තැන්පත් කර තැබීමටයි අධිකරණය නියෝග කර ඇත.
මේවන විට අදාළ ස්ථානයේ තවදුරටත් කැණීම් සිදුකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.