සා.පෙළ ප්‍රථමයා නුවර මහාමායා විද්‍යාලයෙන්

0
316

සා.පෙළ ප්‍රථමයා නුවර මහාමායා විද්‍යාලයෙන්

ARUNA LK NEWS

01 December 2023

මෙවර අපොස සාපෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය මහනුවර මහාමායා විද්‍යාලයේ ඉගෙනුම ලබන සමාධි අනුරාධා රණවක නම් සිසුවියකි.

දිවයිනේ දෙවන ස්ථානයට පත්වී ඇත්තේ යාපනයේ වෙම්බඩි කාන්තා උසස් පාසලේ ඉගෙනුම ලැබූ අක්ෂියා ආනන්දා ස්වානන්ද් සිසුවියයි.

දිවයිනේ තෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ හරිත මින්සදු අලහකෝන් සිසුවා හිමි කරගෙන තිබේ.

2022 අපොස සාපෙළ ප්‍රතිඵල අනුව සිසු-සිසුවියන් 13,588ක් A නවය බැගින් ලබාගෙන ඇත.

එසේම එම විභාගය සඳහා මුහුණදුන් අපේක්ෂකයින්ගෙන් 72.07%ක් අපොස උසස්පෙළ සඳහා සුදුසුකම් ලබා තිබේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඒ බව අද (01) පාර්ලිමේන්තුවේදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here