රොෂාන්ගේ ජීවිතය අනතුරේ

0
120
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (28)

රොෂාන්ගේ ජීවිතය අනතුරේ

LANKADEEPA LK NEWS

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

2023 නොවැම්බර් මස 28 බැලුවෝ – 359

කවුරු හොරු සමග හෙලුවෙන් හිටියත් රොෂාන් රණසිංහ සහෝදර මන්ත්‍රීවරයාගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීම අගමැතිවරයාගේ කතානායකවරයාගේ වගකීමක් බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.

විධායකයයෙන් මහජන නියෝජිතයකුට මරණ තර්ජන එල්ල වුණු අවස්ථාවක් මෙරට පාර්ලිමේන්තුවෙන් මෙන්ම ලෝක පාර්ලිමේන්තුවෙන්ද මෙතෙක් වාර්තාවී නොතිබූ බව පැවසූ මන්ත්‍රීවරයා රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාගේ ජීවිතය අද දැඩි අවදානමක පවතින බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද පැවසීය.

විෂය පථයට පැමිණෙන්න පෙර අදාල නොවුණත් වෙනත් කාරණයක් ගැන මේ සභාවේ අවධානය යොමු කරන්න කැමතියි. ඊයේ සහෝදර මන්ත්‍රීවරයෙක් රොෂාන් රණසිංහ බරපතළ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළා. විධායකයෙන් ඔහුට එල්ල වන මරණ තර්ජන ගැන. මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ එවැනි සටහනක් මීට පෙර තිබී නැහැ. මහජන නියෝජිතයකුට විධායකයෙන් මරණ තර්ජන එල්ලවූ අවස්ථාවක් ලෝක පාර්ලිමේන්තුවෙන්වත් වාර්තා වෙලා නෑ.

රොෂාන් කියන විදියට කැමති කෙනෙක් හෙලු සමග හෙළුවෙන් හෙලුවෙන් සිට ගත්තාවේ. අද ඔහුගේ ජීවිත අවදානමේ. එතුමාගේ ආරක්ෂාව තහවුරු කරන එක අගමැතිවරයාගේ කතානායකවරයාගේ වගකීමක්. අගමැතිතුමා මේ කාරණය ගැඹුරින් අත්පත් කර ගනීවි කියලා හිතනවා.

මහජන නියෝජිත ආයතන දෙකක් අද මුළුමනින්ම අකර්මණ්‍ය වෙලා. ආයතන තුනෙන් දෙකක් වහල දාල. ඒක සතුටු වෙන්න පුළුවන් දෙයක් නොවෙයි. මොන ආණ්ඩුව හිටියත් මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ සොහොන් ලකුණක්. මැතිවරණ ප්‍රතිසංස්කරණ සදහා සඳහා කමිටු තුනක් පත් කරලා තියනවා. තුන්වෙනි කමිටුව රැස්වීම් වාර විසිනවයක් තියලා තියෙනවා. මේ කමිටු තුනේම සභාපතිත්වය දැරුවේ දිනේෂ් ගුණවර්ධන. රාජකීය මිත්‍රයෙක් රාජකීය මිත්‍රයා අමාරුවෙ දාලා තියෙනවා. මෙය මැතිවරණ ප්‍රතිසංස්කරණ නාමයෙන් මැතිවරණ කල් දමන උපක්‍රමයක්. පාර්ලිමේන්තුවෙන් එළියෙත් කමිටුවක් පත්කළා. පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් ප්‍රගතිශීලී යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ගැන රටේ අවධානය යොමු වෙලා මදි. අමාත්‍යවරු මේ ගැන තීරණයක් ගන්න ඕන.

ග්‍රාම නිලධාරීන්ට අද වෙනතුරු සේවා ව්‍යවස්ථාවක් නෑ. ගමන් දීමනාව තියෙන්නෙ මාසෙකට රුපියල් 600යි. ග්‍රාම නිලධාරී පුරප්පාඩු තුන්දාහක් විතර තියෙනවා.

මේ පුරප්පාඩු නොපිරවීම අසාධාරණයක්. මැතිවරණ ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පත් කරමින් මැතිවරණ කල් දමන්න එපා කියලා ඉල්ලීම් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here