අපෙන් අරන් ගිය කෞතුක වස්තු 6ක් යළි දෙන්න හදයි

0
293

අපෙන් අරන් ගිය කෞතුක වස්තු 6ක් යළි දෙන්න හදයි

(විමුක්ති එස් රුද්‍රිගු)

LANKADEEPA LK NEWS

කතෘ මණ්ඩලය 2023 නොවැම්බර් මස 27

කොළඹ ජාතික කෞතුකාගාරයේ එළඹෙන 5 සහ 6 දෙදින පැවැත්වෙන විශේෂ උත්සවයකදී මීට වසර 200 කට පමණ පෙර මෙරටින් රැගෙන ගිය කෞතුක භාණ්ඩ හයක් නැවතත් ශ්‍රී ලංකාවට බාර දෙන බව නෙදර්ලන්ත තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

පසුගිය අගෝස්තු මස නෙදර්ලන්ත සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ගුනේ උස්ලු මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි අවස්ථාවේදී එම කෞතුක භාණ්ඩ වල හිමිකාරීත්වය පැවැරීමේ නිල ලියකියවිලි වලට අත්සන් තැබූ බව නෙදර්ලන්ත තානාපති කාර්යාලය පැවැසුවේය.මෙම අවස්ථාව මහ ජනතාවට විවෘත බවත් එහිදී දෙරටේ ඉතිහාසය පිළිබඳ තරුණ සහ මහලු ජනතාව සියලු දෙනා දැනුවත් කිරීමේ දේශන පැවැත්වීමට ජාතික කෞතුකාගාරය සැලසුම් කර තිබෙන බවත් තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ නෙදර්ලන්ත තානාපති ඩිවි වැන් ඩ වියර්ඩ් මහත්මිය නෙදර්ලන්තය වෙනුවෙන් කෞතුක භාණ්ඩ බාර දීමේ කටයුතු අධීක්ෂණය කරන බව තානාපති කාර්යාලය පෙන්වා දුන්නේය.මෙලෙස කෞතුක භාණ්ඩ බාර දීම මගින් දෙරට අතර ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බවද නෙදර්ලන්ත තානාපති කාර්යාලය පැවැසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here