කුසුමලතා මහගමසේකර මහත්මිය සිය දිවි සැරිය නිම කරයි

0
341

කුසුමලතා මහගමසේකර මහත්මිය සිය දිවි සැරිය නිම කරයි

වත්මන් කවි පරපුරේ මුදුන්මල්කඩක් බඳු අපෙන් වියෝවූ මහා කවි මහගමසේකරයන්ගේ දයාබර බිරිඳ සිය දිවි සැරිය නිමකර යන්නටම ගියාය. ය කළක් ඔත්පලව සිටි අතර ඇය මියගොස් තිබු පුවත පළකර තිබුණේ මහගම සේකර රසික සංසදය පළකර තිබු පුවතකිනි.මගම සේකරයන් මියගොස් තිබුණේ 1976 අප්‍රේල් මස 7 වැනිදාය.ඔහු සිය බිරිඳ පිළිබඳ සිය ප්‍රබුද්ධ කවි පොතහි පළකර තබන්නට ද මතක කළේ නැත.1963 ඔවුන් දේපළ විවා පත්ව තිබුණි.ඇයගේ අවසන් කටයුතු පිලිබඳ පසුව පළකරන්නට බලාපොරොත්තු වෙමු. මහා කවියෙකුට සිය නිර්මාණ කිරීමට දිවා රැය වෙහෙස වූ ඔබ ගැන අපේ ඇති ප්‍රණාමය අති මහත්ය.සේකර මැතිණියනි ඔබට අමා මහා නිවන් සුව පතමු.

ශාන්ත සේනාධීර – ලංකා නිවුස් යුකේ.

පාන්දරින් තේ උගුරක්

මට ගෙනෙනා බිරිඳ ඔබය.

දූන් පුතුන් ආදරයෙන්

රැක බලනා බිරිඳ ඔබය.

හීන්සීරුවේ මා ගැන

සෝදිසියෙන් සිටින ඔබය..

මාත් එක්ක සංසාරේ

එකට සිටින බිරිඳ ඔබය.

(ප්‍රබුද්ධ – මහගම සේකර)

ඊයේ සිය දිවි සැරිය නිම කළ කුසුමලතා මහගමසේකර මහත්මිය නිවනින් නිවේවා ..!!

(ඡායාරූපය අන්තර්ජාලයෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here