ලන්ඩනයේ නව මහකොමසාර්ස් තනතුරට පත්වූ නීතිඥ රෝහිත බෝගොල්ලාගම මහතා සිය වැඩ අරඹයි

0
132

ලන්ඩනයේ නව මහකොමසාර්ස් තනතුරට පත්වූ නීතිඥ රෝහිත බෝගොල්ලාගම මහතා සිය වැඩ අරඹයි

ලංකා නිවුස් යුකේ පුවත්

21/11/23

නව ලන්ඩනයේ මහ කොමසාර්ස් තනතුරට පත්වූ නීතිඥ රෝහිත බෝගොල්ලාගම මහතා නොවැම්බර් 20දා ඊයේ ලන්ඩන් මහකොමසාර්ස් කාර්යාලයේ සිය වැඩ බාර ගත්තේය. ඔහු එදින සිය කොමසාරිස් කාර්ය මණ්ඩලය ඇමතීමෙන් අනතුරුව ලන්ඩන් මහා විහාරයට ගොස් වැඳ පුදා ගනු පිණිස ගොස් තිබුණි. මෙහිදී එහි විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමි ඇතුළු සංඝරත්නය විසින් නව මහකොමසර්ස්වරයා පිළිගනු ලැබූ අතර එහිදී ඔහුට සෙත්පතා ආශිර්වාද පිරිත් දේශනයක් පවත්වනු ලැබූ බව වාර්තාවේ.

රෝහිත බෝගොල්ලාගම මහතා ආදී ආනන්දියෙකු මෙන්ම වුර්තියෙන් නීතිඥයෙක්ද වේ. දිවයිනේ දේශපාලනයට පිවීසි ඔහු 2010 වසරේදී විදේශ ඇමති වරයෙකු ලෙස මහත් කාර්ය භාරයක නිරතවු අයෙකු වේ.තවද ඔහු කර්මාන්ත අමාත්‍යවරයෙකු ලෙස 2004 වසරේදී කටුයුතු කළ අතර තාක්ෂණික කටයුතු හා ජාතික ව්‍යවසාය කටයුතු (2005-2007} ආයෝජන ප්‍රවර්ධන හා සංවර්ධන කටයුතු පිලිබඳ (2015-17)ඇමති වරයෙකු ලෙසද කටයුතු කළේය.තවද ඔහු නැගෙණහිර ආණ්ඩුකාර තනතුර 2017-18 වසරේදී ඉසිලූ අයෙකු ද වේ. දරු දෙදෙනකු ගේ පියෙකු වන ඔහු දයාබර බිරිඳ දීප්ති සමරකෝන් මහත්මිය ද නීතිඥවරියෙකි.

ලංකා නිවුස් යුකේ පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here