නාස් ඩේලි හරීන් හමුවේ – සුවිශේෂි ගිවිසුමකටත් එළැඹේ

0
378

නාස් ඩේලි හරීන් හමුවේ – සුවිශේෂි ගිවිසුමකටත් එළැඹේ
ARUNA LK NEWS
20 November 2023

නාස් ඩේලි හරීන් හමුවේ – සුවිශේෂි ගිවිසුමකටත් එළැඹේ

ලෝක ප්‍රසිද්ධ ‘ව්ලොග්’ නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි සමාගමේ නිර්මාතෘ Nuseir Yassin මෙරට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග ගිවිසුමකට එළැඹ තිබේ.

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව ඔහු ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත.

ඔහු ලොව පුරා සිටින මිලියන ගණනක රසික ප්‍රජාවගේ ආදරය හිමි චරිතයකි.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මහත් පිටුවහලක් වනු ඇති බවය.

ඊශ්‍රායල – අරාබි ජාතික ව්ලොග් නිර්මාණකරුවා විසින් මින් පෙර නිර්මාණය කරන ලද This is Made of Poop, My Biggest Money Mistake, The Key Board Warrior යනුවෙන් නම් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝ පට තුනක් අන්තර්ගත කර තිබුණි.

2020 වසරේදී නාස් ඩේලී, කොවිඩ් වසංගත සමය තුළ වඩාත්ම නිර්ලෝභීව කටයුතු කළ රට වශයෙන් (The Most Generous Country During Covid) ශ්‍රී ලංකාව නම් කරමින් නිකුත් කළ වීඩියෝ පටයක් නිර්මාණය කර තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here