
ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ රෝගින්, කාර්‍ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට පැයක් ඇතුළත ඉන් ඉවත් වන්න – ඊශ්‍රායල බලධාරින්
ගාසා තීරයේ අල් ෂිෆා රෝහලට ඊශ්‍රායල බලධාරින්ගෙන් දැනුම්දීමක්
ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ රෝගින්, කාර්‍ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට පැයක් ඇතුළත ඉන් ඉවත් වන්න – ඊශ්‍රායල බලධාරින්
ARUNA LK NEWS
18 November 2023
ගාසා තීරයේ අල් ෂිෆා රෝහලට ඊශ්‍රායල බලධාරින්ගෙන් දැනුම්දීමක්
ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ රෝගින්, කාර්‍ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට පැයක් ඇතුළත ඉන් ඉවත් වන්නැයි ඊශ්‍රායල බලධාරින් දැනුම් දී ඇති බව අල් ෂිෆා රෝහලේ වෛද්‍යවරයෙකු පවසා තිබේ.
අල් ජසීරා පුවත් ඒකකය මේ බව නිවේදනය කර ඇත.
කෙසේ වෙතත් අල් ෂිෆා රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ, පැයක් ඇතුළත සියලු දෙනාට ඉවත් වීම සිදු කළ නොහැක්කක් බවයි.
මේ අතර, දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් 26 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්ය.
ඉන් වැඩි පිරිසක් ළමුන් බව ද වාර්තා වේ