අයි.සී.සී ය කඩිනමින් රැස්වේ – ලංකාවේ තහනම ප්‍රධාන මාතෘකාව වේ

0
266

අයි.සී.සී ය කඩිනමින් රැස්වේ – ලංකාවේ තහනම ප්‍රධාන මාතෘකාව වේ

ARUNA LK NEWS

17 November 2023

අයි.සී.සී ය කඩිනමින් රැස්වේ – ලංකාවේ තහනම ප්‍රධාන මාතෘකාව වේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම 2023 ලෝක කුසලානය අවසන් තරගයෙන් දින දෙකකට පසුව අහමදාබාද්හි දී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම රැස්වීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම, එක්දින ක්‍රිකට් අනාගතය, 2028 දී ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුළත් කිරීම, 2024-27 ඉසව් චක්‍රය සඳහා ආදායම් බෙදා හැරීමේ ආකෘතිය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වාර්තාවේ.

පසුගිය සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පැනවූ තහනම මෙවර අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ ප්‍රධානතම මාතෘකාව වනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව දිගටම පවත්වාගෙන යන්නේ ද, ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම සම්බන්ධයෙන් ඇති විය හැකි කොන්දේසි පිළිබඳව ද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

එමෙන්ම පන්දු ඕවර පනහා ආකෘතියේ අනාගතය පිළිබඳව ද සාකච්ඡා කිරීමට යෝජනා වී ඇති අතර, මෑතකදී ඉවත් කරන ලද කණ්ඩායම් 13 කින් යුත් එක්දින සුපර් ලීග් තරඟාවලිය සහ කණ්ඩායම් 14කින් යුත් 2027 පිරිමි එක්දින ලෝක කුසලානය සඳහා දැනටමත් අනුමත කර ඇති නව සුදුසුකම් මාර්ගයන් පිළිබඳව ද සාකච්ඡාවර භාජනය වන බව සඳහන්.

මෙම කරුණුවලට අමතරව තවත් සුවිශේෂී කරුණු කිහිපයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම තුළ අවධානයට යොමුවන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here