
තහනම ඉල්ලුවේ ක්‍රිකට් බලධාරීන් -ක්‍රික්ඉන්ෆෝ හෙළිකරලා
ARUNA LK NEWS
11 November 2023
තහනම ඉල්ලුවේ ක්‍රිකට් බලධාරීන් -ක්‍රික්ඉන්ෆෝ හෙළිකරලා
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිටින්නේ දේශද්‍රෝහීන් සහ රාජද්‍රෝහීන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ඊයේ ගත් තීරණය පිළිබඳ අදහස් දක්වමින්.
“හැමදාම බෙදෙන පාර්ලිමේන්තුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීමට සහ ගම් නගර බිම් මට්ටිමින් පළාත් හා ක්‍රිකට් සමාජ මට්ටමින් දියුණු කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් එකට එකතු වූ බවත්, එවැනි තත්ත්වයක් තුළ ඊයේ රාත්‍රියේ අයි.සී.සී. එක අප රටට ක්‍රිකට් තහංචියක් දමා ඇති බවට දැන ගන්නට ලැබුණා.”
ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට අනුව අදාළ තහනම පනවන ලෙස ඉල්ලීම් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
අපේම රටේ ආයතනයක් රටට වින කරන්න කටයුතු කර ඇති බැවින්, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිටින්නේ දේශද්‍රෝහීන් සහ රාජද්‍රෝහීන් බවත්, ඔවුන් සමස්ත පුරවැසියන්ටම ද්‍රෝහිකම් සිදුකර ඇති බවත් සජිත් ප්‍රේමදාස පැවසීය
එසේම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ජීවිතය පූජා කරන්න වුවද තමා සූදානම් බව ඔහු පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී අද සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීයි.