අපේ පරාජය පිටුපස කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් තිබුණා – තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ කියයි

0
283


DIVAINA LK NEWS
කටුනායක – ටී. කේ. ජී. කපිල
November 11, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත්වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් තොටුපළේ දී ඊයේ (10 වැනිදා) අලුයම පැවසීය.

ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් තම ග්‍රහණයට ගැනීමට කැසකවමින් සිටින බවත්, මේ පිළිබඳ සියලු තතු තව දින දෙකකින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැන ගැනීමට සළස්වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 11/10 දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්.- 174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

අපේ පරාජය පිටුපස කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් තිබුණා – තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කීප දෙනකු ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, භෞතචිකිත්සකයන් ඇතුළු නිලධාරීන් සියලුම දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටව යෑම සඳහා පොදු බස් රථයක් සූදානම් කර තිබුණ ද බොහෝ ක්‍රීඩකයන් තම පෞද්ගලික මෝටර් රථවලින් සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර මොවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here