
ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි
ARUNA LK NEWS
10 November 2023
ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (10) රැස් වී තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් අයි.සී.සී.හි සාමාජිකයකු ලෙස එහි වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බවයි.
විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ තීරණය වෙනස් වීමට බලපානු ඇති බව ද වාර්තා වේ.