ගාසා තීරය අත්පත් කරගැනීමේ අදහසක් නෑ

0
465

Lankadeepa lk news

10.11.23

සටන් විරාමයක් ප්‍රතික්ෂේප කරමින්, ගාසා තීරයට දිගින් දිගටම පහර දෙන්නේ, ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය අඩපණ කිරීමේ අරමුණින් පමණක් බවත්, ගාසා තීරය අත්පත් කර ගැනීමේ අදහසක් ඊශ්‍රායලයට නොමැති බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.

“අප හමුදාව සාර්ථකව හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වදිනවා. වැඩි වාසි ඇත්තේ අප හමුදාවටයි. සටන් විරාමයකට යෑමට අවශ්‍යතාවක් හෝ ඕනෑකමක් නෑ. හමාස් සටන්කාමීන් පරාජය බාර ගනිමින් යටත් වන්නේ නම් පමණක් සටන් විරාමයක් ගැන සිතන්න පුළුවන්” යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, ඇමෙරිකාවේ ‘ෆොක්ස් නිවුස්’ පුවත් නාළිකාව සමඟ සම්මුණ සාකච්ඡාවකට එක් වෙමිනි.

හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායලය ගත් තීරණයට තමන් සහාය පළ කරන බව ඇමෙරිකාව දිගින් දිගටම පවසා තිබේ. මේ මොහොතේ ඊශ්‍රායලය සටන් විරාමයකට ගියහොත්, ප්‍රහාරවලින් පසුබෑමට ලක්වී සිටින හමාස් සටන්කාමීන් යළි ශක්තිමත් විය හැකි යැයි ඇමෙරිකාව ද ජාත්‍යන්තරයට පෙන්වා දී ඇත

ගාසා තීරය අත්පත් කරගැනීමේ අදහසක් නෑ
LANKADEEPA LK NEWS
කතෘ මණ්ඩලය 2023 නොවැම්බර් මස 10 බැලුවෝ – 952

සටන් විරාමයක් ප්‍රතික්ෂේප කරමින්, ගාසා තීරයට දිගින් දිගටම පහර දෙන්නේ, ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය අඩපණ කිරීමේ අරමුණින් පමණක් බවත්, ගාසා තීරය අත්පත් කර ගැනීමේ අදහසක් ඊශ්‍රායලයට නොමැති බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.

“අප හමුදාව සාර්ථකව හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වදිනවා. වැඩි වාසි ඇත්තේ අප හමුදාවටයි. සටන් විරාමයකට යෑමට අවශ්‍යතාවක් හෝ ඕනෑකමක් නෑ. හමාස් සටන්කාමීන් පරාජය බාර ගනිමින් යටත් වන්නේ නම් පමණක් සටන් විරාමයක් ගැන සිතන්න පුළුවන්” යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, ඇමෙරිකාවේ ‘ෆොක්ස් නිවුස්’ පුවත් නාළිකාව සමඟ සම්මුණ සාකච්ඡාවකට එක් වෙමිනි.

හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායලය ගත් තීරණයට තමන් සහාය පළ කරන බව ඇමෙරිකාව දිගින් දිගටම පවසා තිබේ. මේ මොහොතේ ඊශ්‍රායලය සටන් විරාමයකට ගියහොත්, ප්‍රහාරවලින් පසුබෑමට ලක්වී සිටින හමාස් සටන්කාමීන් යළි ශක්තිමත් විය හැකි යැයි ඇමෙරිකාව ද ජාත්‍යන්තරයට පෙන්වා දී ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here