නවසීලන්තයට කඩුළු 5ක ජයක්

0
252

නවසීලන්තයට කඩුළු 5ක ජයක්
ARUNA LK NEWS
09 November 2023

නවසීලන්තයට කඩුළු 5ක ජයක්

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරගය කඩුළු 5කින් ජය ගැනීමට නවසීලන්ත පිල සමත් විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 46යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු සංඛ්‍යාව 171ක් රැස්කර ගත්තේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් පෙරේරා පන්දු 28කදී වේගවත් ලකුණු 51ක් රැස්කර ගැනීමට සමත් විය.

දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් ද ඇතුළත් වේ.

මහීෂ් තීක්ෂණ ලකුණු 38ක් රැස්කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී නවසීලන්ත පිල වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් දවාගත් කඩුළු සංඛ්‍යාව 3කි.

අනතුරුව පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 23යි පන්දු 2කදී කඩුළු 5ක් දැවී ලකුණු 272ක් ලබාගෙන තරගය ජය ගැනීමට සමත් විය.

නවසීලන්ත පිල වෙනුවෙන් ඩෙවන් කොන්වේ ලකුණු 45ක් රැස්කර ගැනීමට සමත් විය.
ඊට හතරේ පහර 9ක් ඇතුළත් වේ.

රචින් රවීන්ද්‍ර පන්දු 34කදි දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් ද සමග ලකුණු 42ක් රැස්කර ගැනීමට සමත් විය.
ඩැරල් මිචෙල් පන්දු 31කදී ලකුණු 43ක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here