
බංග්ලාදේශයට කඩුළු 3ක ජයක්
ARUNA LK NEWS
06 November 2023
බංග්ලාදේශයට කඩුළු 3ක ජයක්
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරගය කඩුළු 3කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද සමත් විය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3කදී සියලුදෙනා දැවී ලකුණු 279ක් රැස්කර ගත්තේය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 105කදී ලකුණු 108ක් රැස්කර ගැනීමට සමත් විය.
ඔහු අද මෙලෙස වාර්තා කළේ සිය එක්දින ක්‍රිකට් දිවියේ දෙවන ශතකයයි.
අසලංකගේ එම ශතකයට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ද ඇතුළත් වේ.
පැතුම් නිශ්ශංක පන්දු 36කදී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 41කි.
පන්දු 42කදී ලකුණු 41ක් රැස්කර ගැනීමට සධීර සමත් විය.
ධනංජය ද සිල්වා රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 34කි.
පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටැන්සිම් හසන් සකිබ් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.
අනතුරුව පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 41යි එක් පන්දුවකදී කඩුළු 7ක් දැවී ලකුණු 282ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.
බංග්ලාදේශ පිල වෙනුවෙන් නජිමුල් හුසේන් ලකුණු 90ක් රැස්කර ගැනීමට සමත් විය.
නායක ශකීබ් අල් හසන් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 82කි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඩිල්ෂාන් මධුසංඛ කඩුළු 3ක් දවාගැනීමට සමත් විය.
ඇන්ජලෝ මැතිව්ස් දවාගත් කඩුළු සංඛ්‍යාව 2කි.
මහීෂ් තීක්ෂණ කඩුළු 2ක් දවාගත්තේය.
ශ්‍රී ලංකා පිල අද ලැබූ මෙම පරාජයත් සමග එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට යාමට තිබූ අවසන් අවස්ථාව ද අහිමි විය.