ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත අඩුවෙලා

0
352

ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත අඩුවෙලා
SUNDAY LANKADEEPA LK NEWS
(විමුක්ති එස් රුද්‍රිගු)
කතෘ මණ්ඩලය 2023 නොවැම්බර් මස 05 බැලුවෝ – 1480

ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය ජූනි මසට සාපේක්ෂව ඔක්තෝබර් මසදී හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇතැයි රට හිතන හැටි දීප ව්‍යාප්ත ජනමත විමසුමේ නවතම ප්‍රතිඵලවලින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ජූනි මාසයේදී සියයට 21 ක් වූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය ඔක්තෝබර් මාසයේදී සියයට 9ක් දක්වා පහත වැටී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.

රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය පිළිබඳ ජූනි මාසයේදී සියයට 12 ක් වූ ජනතා තෘප්තිය ඔක්තෝබර් මාසයේදී සියයට 6 දක්වා හරි අඩකින් පහත වැටී ඇති බව රට හිතන හැටි ජනමත විමසුමෙන් හෙළි වී ඇත.ජූනි මාසයේදී රටේ ආර්ථිකය පිළිබඳ ජනතාව අතර පවතින විශ්වාසය සෘණ සියයට 44 ක්ව පැවති බවත් එය ඔක්තෝබර් මාසයේදී සෘණ සියයට 62 ක් දක්වා පහත වැටී ඇති බවත් රට හිතන හැටි ජනමත විමසුමේ නවතම ප්‍රතිඵල වලින් අනාවරණය වී තිබේ.එය සියයට 18ක පහළ යාමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here