
BREAKING NEWS: දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය “ඝාතනයක්” බව විද්වත් කමිටුව කියයි
MAWBIMA LK NEWS
By Kumudu Upul Shantha -නොවැම්බර් 1, 2023
අබිරහස් ලෙස මිය ගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව මීට සුළු මොහොතකට පෙර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබී ය.
එය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ, දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය, ඝාතනයක් බවට ඔහුගේ මරණයට හේතුව සොයා බැලීම සඳහා පත් කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ සාමාජිකයින්ගෙන් සිව් දෙනෙකු නිගමනය කර ඇති බව ය.
ගෙළ ප්‍රදේශයට සහ මුහුණට ඇති කරන ලද පීඩනයක් මගින් ඔහු ඝාතනය කර ඇති බවට අදාළ කමිටුව ප්‍රකාශ කර ඇතැයි මහේස්ත්‍රාත්වරිය පැවසුවා ය.
ඒ අනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉරිදිපත් කරන ලෙස ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළා ය.
ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ මුද්‍රා තැබූ වාර්තාව වෛද්‍යවරුන් විසින් ඊයේ අධිකරණයට භාර දෙනු ලැබ තිබිණි.