
ප්‍රාණ ඇපකරුවන් 50ක් මිය ගිහින්
ARUNA LK NEWS
27 October 2023
ප්‍රාණ ඇපකරුවන් 50ක් මිය ගිහින්
ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සටන්කාමීන් පවසයි.
හමාස් සංවිධානයේ “Al-Qassam” බ්‍රිගේඩය ඒ බව වාර්තා කළේය.
නමුත් අමෙරිකානු බලධාරීන් පවසන්නේ අනෙක් පාර්ශ්ව නොමඟ යැවීම සඳහා හමාස් සංවිධානය මෙවැනි පුවත් ප්‍රචාරය කරන බවයි.
ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් සිදුකළ ආක්‍රමණය අතරතුරදී ඊශ්‍රායලයේ සිටි 220කට අධික පිරිසක් පැහැර ගැනීමට හමාස් සටන්කරුවන් කටයුතු කළේය.
ඒ අතර දරුවන්, වැඩිහිටියන් සහ තරුණ පුද්ගලයින් වෙයි. එම පිරිස ගාසා තීරයේ ඇති උමං තුළ රඳවා ඇතැයි සඳහන් වෙයි. ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටි මවක්, දියණියක් සහ වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක් නිදහස් කිරීමට හමාස් සංවිධානය පසුගිය දිනවල කටයුතු කළේය.