
සුදු මහත්තුරු අසරණ කළ සිංහ පැටව් ජය පැන් බොති
ARUNA LK NEWS
26/10/23
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (26) ඉන්දියාවේ බැංගලෝර් හී චින්නස්වාමි ක්‍රීඩාංගනයේ දී පැවැත්විය.
ලෝක කුසලනයක තරඟාවලියක දී එංගලන්ත කණ්ඩායමක් වාර්තාකළ අඩුම ලකුණු සංඛ්‍යාව මෙම තරඟයේ දී වාර්තා විය.
පන්දුවාර 33ක් හා පන්දු 02ක් අවසානයේ දී සියලු දෙනා දැවී එංගලන්තයට ලබා ගත හැකි වූයේ ලකුණු 156කි.
තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 157කි.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුළු දෙකක් පමණක් දැවී ලකුණු 160ක් රැස් කර තරඟය ජයග්‍රගණය කළේය.
එහිදී පැතුම් නිස්සංක සහ සධීර සමරවික්‍රම අර්ධ ශතක රැස් කිරීමට ද සමත් විය.
එහි දී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට අද දිනයේ දීත් ලකුණු අතරට පිවිසීමට හැකියාව නොලැබුණු අතර නායක කුසල් මෙන්ඩිස්ට ද රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 11ක් පමණී.
මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් ලෝක කුසලාන තරගවලදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව වාර්තා කළ අඛණ්ඩ පස්වැනි ජයත් තමන් ඉදිරියේ සටහන් කර ගත්තේය.