
BREAKING NEWS:
ග්ලෙන් මැක්ස්වෙල්ගෙන් නව ක්‍රිකට් වාර්තාවක්
MAWBIMA LK NEWS
By Kumudu Jayawardana -ඔක්තෝබර් 25, 2023
ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් මීට සුළු මොහොතකට පෙර ලෝක කුසලාන ක්‍රිකට් වාර්තාවක් පිහිටුවීය.
ඒ, ලෝක කුසලාන තරගයකදී වේගවත් ම ශතකය වාර්තා කරමිනි.
නෙදර්ලන්තයට එරෙහිව ඔහු පන්දු 40කදී ලකුණු 101ක් රැස් කරමින් මෙම වාර්තාව පිහිටුවීය.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ පන්දු 49කදී ශතකයක් රැස් කළ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්‍රාම් ය.
ඒ, පසුගිය 7 වන දා ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයේදී ය.