ඇෆ්ගනිස්ථානයට කඩුළු 8ක ජයක්

0
376

ඇෆ්ගනිස්ථානයට කඩුළු 8ක ජයක්

ARUNA LK NEWS

23 October 2023

ඇෆ්ගනිස්ථානයට කඩුළු 8ක ජයක්

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තරගය කඩුළු 8කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද (23) සමත් විය.

මෙම තරගයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 282ක් රැස්කර ගැනීමට සමත් විය.

පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් නායක බාබර් අසාම් ලකුණු 74ක් රැස්කර ගත්තේය.

ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් ඇතුළත් වේ.

කණ්ඩායමේ ආරම්භක පිතිකරු අබ්දුල්ලා අබ්දුල්ලා ෂෆීක් හයේ පහර දෙකක් සහ හතරේ පහර 5ක් ද සමග ලකුණු 58ක් රැස්කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ඇෆ්ගන් පිල වෙනුවෙන් නූර් අහමඩ් කඩුළු 3ක් දවා ගෑනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි ඇෆ්ගනිස්ථාන පිල පන්දුවාර 49කදී කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 286ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.

ඇෆ්ගනිස්ථාන පිල වෙනුවෙන් ඊබ්‍රාහිම් සද්‍රාන් 87ක් රැස්කර ගත්තේය.

රහමනුල්ලා ගුරුබාස් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 65කි.

රහමත් ෂා නොදැවී ලකුණු 77ක් රැස්කර ගැනීමට සමත් විය.

නවතම පුවත්

ක්‍රී​ඩා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here