
සුප්‍රකට ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා සිය දිවිසරිය නිම කරයි
Lanka News UK
21/10/23
සුප්‍රකට ව්‍යාපාරික සෙලින්කෝ සමුහ ව්‍යාපාරයේ සභාපතිව සිටි දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අභාවප්‍රාප්ත වූයේය.කලක් අසනීප තත්වයෙන් පසුවූ මියයන විට 84 වන වියෙහි පසුවූයේය . 1938 ඔක්තෝබර් 29 කොළඹ ව්‍යපාරික පවුලකට දාව උපන් ඔහුගේ සම්පුර්ණ නම ලලිත් භූපේන්ද්‍ර කොතලාවල විය. ඔහුගේ දෙමව්පියන් ජස්ටින් කොතලාවල හා මිලිසන්ට් කොතලාවල යන දෙපෙළය. අගමැතිවරයෙකුවූ සර් ජෝන් කොතලාවල ඔහුගේ ළගම ඥාති පුත්‍රයෙකුද විය.
කොතලාවල මහතා කොළඹ රාජකීය වියෙද්‍යාලයේ ආදි සිසුවෙකු විය..
කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසු වරලත් ගණකාධිකරණය හැදෑරීමට එක්සත් රාජධානියට ගිය ලලිත්
නැවත මෙරටට පැමිණ 1960 ගණන්වල සිය පියාගේ ව්‍යාපාරයට එක් විය. කෙටි කලකින් එහි සේවයට බැඳුණු පියාගේ ගෙන් අනතුරුව කෙටි කලකින්ම එම ව්‍යාපාරය දියුණුවේ ඉනිපෙත්ත්ටම ගෙන ගියේය. මේ සඳහා ඔහුගේ බිරියවූ සිසිලියා කොතලවලද එක්විය.
ඔහු සෙලාන් බැංකුවද පිහිටුවීමට මුල් විය, බැංකු නොවන මූල්‍ය, ආයෝජන බැංකු, නිවාස හා දේපළ සංවර්ධනය, සංචාරක සහ විවේක, සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ආදී ක්ෂෙත්‍ර රැසකට සිය ව්‍යාපාර ජාලය පුළුල් කළ ඔහු ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකට රැකියා අවස්ථා සලසන ව්‍යාපාර නිර්මාණය කළ ව්‍යවසායකයකුද වුයේය.
ඔහු 2007 ශ්‍රී ලංකාවේ ධනවත්ම ලැයිස්තුවේ අංක එකට ලැයිස්තු ගත ව තිබුණි.විශාල පිරිසකට රැකියා සපයන ව්‍යාඅභාවප්‍රාප්ත වූයේයපාර බිහිකළ ඔහු කෙටි කලකින්ම දිවයිනේ ව්‍යාපාර ලෝකයේ යුග පුරුෂයෙකු විය.එය පැවතුණේ කෙටිකලක් තුළ විය.
ලලිත් කොතලාවල මහතා සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද වෙයි.‘දේශමාන්‍ය‘, ‘දේශබන්දු‘ , ‘ජීවක‘ යනාදී විවිධ තනතුරු සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකි.
මහා වියසනයකට මුහුණ දීමට ඔහුට සිදු විය ඔහුට අයත්ව තිබූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් සමාගමේ රුපියල් බිලියන 26 ක මුදල් ආයෝජන අස්ථාන ගතවීම හේතුවෙන් විවිධ කරදරවලට මුහුණ පෑමට ඔහුට හා සිය බිරිඳ ට සිදු ව තිබුණි.තැන්පතු හිමියන්ට යළි මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් නඩු ගණනාවකට මුහුණදීමට සිදුවිය. මේ දෙපලම කාලයක් සිරගතවද සිටියේය.
සෙලින්කෝ සමූහයේ අනුබද්ධිත සමාගමක් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සිදුවූ රු. බිලියන 26 කට අධික මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් ඒ මහතා 2009 වසරේ දී රිමාන්ඩ් භාරයට පත්විය.
නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සෙලින්කෝ සමාගමේ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතා ඇතුළු තවත් එහි අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකුට 2011 වසරේ දී නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කරනු ලැබිණි.
ඔහුට අයත්ව තිබූ ව්‍යාපාර රාශියක් විවිධ අය විසින් සිය ග්‍රහණයට නතුකරගත් අතර මේ ව්‍යාපාර ජාලය රජයට ද පවරා ගෙන තිබුනී . ඔහු කලක් අසනීප තත්වයෙන් ද පසු විය.අප ඔහුට මෝක්ෂ සුව පතන්නෙමු.
ලංකා නිවුස් යුකේ..