
Lanka News UK -online issue October 2023
ගාමිණී මුතුකුමාරණගේ මතක ගිණි පුපුරු කෘතිය ජනගත කිරීමේ උළෙල ලන්ඩනයේදී –
ලන්ඩනයේ ජිවත්වන ගාමිණී මුතුකුමාරණ විසින් ලියා ප්‍රකාශයට පත්කළ “මතක ගිණි පුපුරු ” පොත ජනගත කිරීමේ මේ උත්සවයක් පසුගිය සැප්තැම්බර් 23 දා මෙහි ලන්ඩනයේ – හැරෝ කලාගාරයේ දී පැවැත්වුණි.ජනතා විමුක්ති පෙරමුණෙහි අතීතය පදනම් කර ගෙන ලියැවුණු මෙම කෘතියට පදනම් වී ඇත්තේ ගාමිණී මුතුකුමාරණයන් එහි ක්‍රියාකාරකයෙකු ලෙස ඔහු ලද අත්දැකීම් සමුදායකි.ලන්ඩනයේ තිස් වසරක පමණ කාලයක් ජිවත් වෙමින් ඔහු විසින් සිය 1987-89 අරගලයේ උණුසුම් අතීත මතක සටහන් එළි දක්වා ඇත්තේ නිදහස් රටක් බිහිකිරීමේ අරමුණ මුල් කරගෙන සිදුවූ ජවිපෙ දෙවන කැරැල්ල පදනම් කර ගෙන වේ. එය විසිවෙනි සියවසෙහි අප දිවයින තුළ ඇතිවූ අතිශය වැදගත් කාල පරිච්ජේදයක් විය. මෙම තීරණාත්මක සංසිද්ධිය පදනම් කර ගෙන කුඩා කල සිට ඔහු ජවිපෙ අරගලයේ නිරතවූ ක්‍රියාකාරීන් හා සබැඳුණු සත්‍ය සිදුවීම් මාලාවක් මෙම කෘතියේ එළිදක්වා ඇත.එහි සක්‍රිය කොටස් කරුවකු ලෙස අව්‍යාජ තොරතුරු රැසක් වත්මන් පරපුරට හෙළිකරලිම ඉතා ප්‍රසංෂනිය කරුණකි.ජවිපෙ අරගලය සම්බන්ධව පොත්පත් රැසක් ගත්කරුවන් විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කොට ඇත.එහෙත් ජවිපෙ ක්‍රියාකාරීයකු විසින් සිය අත්දැකීම සමුදාය මෙවන් අයුරින් එළිදක්වා ඇත්තේ ප්‍රථමවරට වීම මෙම කෘතියේ ඇති විශේෂත්වයකි. එය පිටු 552 කින් යුත් පොතක්වේ.
මෙම පොත දොරට වැදීමේ උළෙලේ දේශන ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියකු හා ගත්කරුවකුවන නන්දන වීරරත්න ,ජවිපෙ එක්සත් රාජධානියේ සංවිධායක දර් ශන හෙට්ටිආරච්චි, සුනිල් සෙනෙවිරත්න , විචාරක විදර්ශන කන්නන්ගර ,මහාචාර්‍ය රන්ජිත් දේවසිරි (සූම් තාක්ෂණය ඔස්සේ ) මහාචාර් ය හිනිදුම සුනිල් සෙනෙවි (සූම් තාක්ෂණය ඔස්සේ ) ලන්ඩනයේ පෙරටුගාමී පක්ෂය වෙනුවෙන් නියෝජිතයෙක්ද නීතිඥ සුමනසේන අතුරැලිය ,නීතීඥ ශාන්ත සේනාධිර හා තවත් දේශකයින් කිහිප දෙනෙක්ද මෙහිදී දේශන පවත්වනු ලැබිය.
