
රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් වටයේ සටන අද ඇරඹේ
DIVAINA LK NEWS
October 14, 2023
ප්‍රංශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (14) ආරම්භ වෙයි.
මේ යටතේ ‘සී’ කාණ්ඩයේ පෙරමුණ ගත් වේල්සය සහ ‘ඩී’ කාණ්ඩයේ දෙවැනි වූ ආර්ජන්ටිනාව මාසෙයිල්හිදී පළමු තරගයට එක් වන අතර, ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගත් අයර්ලන්තය සහ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූ නවසීලන්තය අතර දෙවැනි තරගය සාන්ත ඩෙනිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ තරග දෙකේ ජයග්‍රාහකයන් පළමු අවසන් පූර්ව තරගයට එක් වන අතර, එම තරගය 21 වැනිදා පැවැත්වීමට නියමිතය.
අර්ධ අවසන් පූර්ව වටයේ තෙවැනි තරගය මාසෙයිල්හිදී හෙට (15) පැවැත්වෙන්නේ ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණ ගත් එංගලන්තය සහ ‘සී’ කාණ්ඩයේ දෙවැනි තැන හිමි වූ ෆිජී කණ්ඩායම් අතරය.
අර්ධ අවසන් වටයේ සිවුවැනි හෙවත් අවසන් තරගය 16 වැනිදා සත්කාරක ප්‍රංශය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන්නේ සාන්ත ඩෙනිස්හිදීය. ප්‍රංශය ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගනිමිනුත්, දකුණු අප්‍රිකාව ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයෙනුත් මේ තරගයට එක් විය.
එම තරග ද්විත්වයේ ජයග්‍රාහකයෝ 22 වැනිදා දෙවැනි අවසන් පූර්ව තරගයට එක් වනු ඇත. තරගාවලියේ අවසන් මහා තරගය 29 වැනිදා පැවැත්වීමට නියමිතය.