
චමරි අතපත්තුට සම්මානයක්
ARUNA LK NEWS
13 October 2023
චමරි අතපත්තුට සම්මානයක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම්කර තිබේ.
එම සම්මානය සදහා නිර්දේශ වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා ලෝරා වොල්වාඩ් සහ නෙඩීන් ඩි කල්ර්ක් පරදවා චමරි අතපත්තු ICC සැප්තැම්බර් මස ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානයට පාත්‍ර වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිවේදනය කරයි.
එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගාවලි ජයක් හිමිකරගත් එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතා සළකා බලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගෙන ඇත.
එහිදී චමරි ලකුණු 114ක් රැස්කරමින් කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.
චමරි අතපත්තු මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩිකාවන්ගේ පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ පසුවන අතර තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පසුවෙයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 3වන ස්ථානයේ පසුවෙයි.