ජැක්සන් ඇන්තනි: අවමංගල්‍ය දේව මෙහෙය ඇරඹේ; අවසන් ගෞරව දැක්වීමට ‘ජන ගඟක්’

0
364


MAWBIMA LK NEWS
By Tharaka Samman -ඔක්තෝබර් 12, 2023 ප.ව. 4:030

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අතිවිශාල ජනකායක් රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානය වෙත පැමිණෙමින් සිටින බව අප වාර්තාකරු පවසයි.

ඔහු සඳහන් කළේ, දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා ඇන්තනි මහතාගේ දේහය රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේ තැන්පත් කර ඇති බව ත් අවමංගල්‍ය දේව මෙහෙය මේ වන විට ආරම්භ වී ඇති බව ත් ය.

දේවස්ථානය ඇතුළත මෙන් ම ඉන් පිටත ද අතිවිශාල ජනකායක් රැස්ව සිටින අතර ඒ හේතුවෙන් දේවස්ථානය කලාකරුවන් සහ රසික ජනතාවගෙන් පිරී ගොස් ඇති බව ද බව ඔහු සඳහන් කළේ ය.

බලංගොඩ මෛත්‍රීමුර්ති හිමි. ඉඳුරාගාරේ ධම්මරතන හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය රාගම පිහිටි ඔහුගේ නිවසේදි බෞද්ධ ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු කතෝලික ආගමට අනුව ආගමික වතාවත් ද සිදු කළ බව අප වාර්තාකරු පැවසීය.

ජැක්සන් ඇන්තනි නළුවෙකු, ගායකයෙකු, නිවේදකයෙකු, සාහිත්‍යවේදියෙකු, කලා විචාරකයෙකු, අධ්‍යක්ෂවරයෙකු, නර්තන ශිල්පියෙකු, හඬ නළුවෙකු, ගවේෂකයෙකු, ගුවන් විදුලි ශිල්පියෙකු, මාධ්‍ය කළමනාකාරවරයෙකු ලෙස ජනාදරයට පාත්‍ර වූ ප්‍රවීණ කලාකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here