ජැක්සන් ඇන්තනී රංගධරයාණෙනි, ඔබට සුභ ගමන්

0
310

ජැක්සන් ඇන්තනී රංගධරයාණෙනි, ඔබට සුභ ගමන්

ලාංකීය සිනමා ගමන් මග එකලු කළ ප්‍රවීණ ප්‍රතිභාපුර්ණ රංගන ශිල්පියකුවූ ජැක්සන් ඇන්තනීකොළඹ ජාතික රොහලේ දැඩි සත්කාර ඒකකයේ මාස 14ක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී අද (09) අළුයම අභාවප්‍රාප්ත විය.

ඔහු ජැක්සන් ඇන්තනී ලෙස අප හැම පොදුවේ හැඳින්වුවද ඔහුගේ සම්පුර්ණ නම කොංගනිගේ ජෝශප් මල්සි ජැක්සන් ඇන්තනී නම් විය. 1958 ජූලි 8, රාගම, උපතලැබූ ජැක්සන් මියයනවිට 65 වියෙහි පසුවිය.

2022 වසරේ ජුලි මස 22 වැනිදා, ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථය, වන අලියෙකුගේ ගැටී අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ අනතුරකට ලක්වුයේය. එහිදී බරපතල තත්ත්වයේ පසුවූ ජැක්සන් ඇන්තනී මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් කොළඹ ජාතික රෝ හල වෙත රැගෙන එනු ලැබීය. අනතුරුව ඔහු කොළඹ ජාතික රොහලේ දැඩි සත්කාර ඒකකයේ මාස 14ක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී අද (09) අළුයම අභාවප්‍රාප්ත විය

.ඔහු පිළිබඳ සමාජ මාධ්‍ය ,රුපවාහිනී නාලිකා, පුවත්පත්වල පසුගිය කාල සිමාවේ පලවූ පුවත් ප්‍රමාණය ගණනය කල නොහැකි තරම්ය.ඔහුගේ අප රටේ වත්මන් අවදියෙහි අපේ ඉතිහාසය .පරිසරය ,සොබා සෞන්දර්ය .යටපත්වූ කලා ශිල්ප විවිධ විෂයන් පිලිබඳ වැඩසටහන් සම්පාදනය කළ විශිෂ්ඨ විචාරකයකු විය.තරුණ අවදියෙහි පටන් රංගන ශිල්පියෙකු ලෙස කොළඹ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කරන අවදියෙහිදී නාට්‍ය ශිල්පියෙකු ලෙස රංගණයට දායකවූ අයෙකු විය, අනතුරුව ගුවන් විදුලිය ,රුපවාහිනී වැඩසටහන් නිෂ්පාදනයටත්, සිනමාවට පිවිසි ඔහු එහි සිනමා නළුවකු ජැක්සන් ඇන්තනි ශ්‍රී ලාංකේය සිනමාවේ, රංග ශාලාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.ඔහු විදේශ සංචාර රැසකට සහභාගිවූ අයෙකි.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කලාකරුවෙකු වන ඇන්තනි හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත ලෙස දහසය වතාවක් දිනා ගත්තේය.

ඔහුගේ පාසල් වියෙහි ආදරවන්තිය වූ ඇති දක්ෂ කලා ශිල්පිනියකුවූ කුමාරි සඳලතා මුණසිංහ බිරිඳ වේ.ඔවුනට දරුවන් තිදෙනෙකු වෙති ඔවුන්ද සිය පියාගේ අඩි පාරේ යමින් අපේ වත්මන් කලා සිනමා කේෂ්ත්‍රය ,රුපවාහිනී නාලිකාවල නිතරම පෙනී සිටින අපේ කලා කෙත පෝෂණය කරන පිරිසක් වෙති.ඔවුන් මාධවී වත්සලා ඇන්තනී, සජිත ඇන්තනී, අකිල ධනුද්දර නම වේ.ඔහුගේ සොහොයුරු : සේනක ටයිටස් ඇන්තනි ය

මේ අතර ජැක්සන් ඇන්තනීගේ දේහය අද සවස අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන පෞද්ගලික ලිපිනයේ තැන්පත් කරන අතර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය හෙට (ඔක්තෝබර් 10) උදෑසන 7.30 සිට රාත්‍රී 11 දක්වා මහජන ගෞරව පිණිස කොළඹ 08 බෞද්ධාලෝක මාවතේ “ජයරත්න Respect Home” හිදී තැන්පත් කෙරෙන අතර, ඔක්තෝබර් 11 බදාදා සහ 12 බ්‍රහස්පතින්දා දෙදින 90/A, 58 වනිගසූරියවත්ත, රාගම පාර, කඩවත පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරේ.

ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන 12 වැනි බ්‍රහස්පතින්දා .සවස 3ට රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතීන් දැනුම් දී තිබේ.

ලාංකීය කලා කෙතට ඔබගෙන් ඉටුවූ සේවාව ඉමහත්ය .ඔබට ආදරය කළ අපේ රසික පිරිස ඔබේ වියෝවෙන් අපමණ ශෝකයට පත්ව සිටිති, එය සමාජ මාධ්‍ය වල ඔබවියෝවූ මොහොතේ පටන් දැක්වෙන ශෝක පණිවිඩ දහස් ගණනනින් මේ වන විටත් පිරි ඉතිරි ගොසිනි.ඔබෙන් හිස්වූ හිඩැස පුරවන්නට නම් මෙතෙක් අපේ කලා කෙතේ කෙනෙකු බිහිව නැති තරම්ය.

ජැක්සන් ඇන්තනී රංගධරයාණෙනි, ඔබට සුභ ගමන්

ශාන්ත සේනාධීර -ලංකා නිවුස් යුකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here