නිල්වලා ගඟ දෙපස ජනතාවට රතු නිවේදනයක්

0
345

නිල්වලා ගඟ දෙපස ජනතාවට රතු නිවේදනයක්

ADA DERANA LK NEWS

October 6, 2023 05:40 pm

නිල්වලා ගඟ දෙපස ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයේ වඩිදුරටත් දැක්වෙන්නේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 තුළ නිල්වලා ගංගා ද්‍රෝණියට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට දැනුම්දී ඇති බවය.

මේ හේතුවෙන් මේ වනවිටත් නිල්වලා ගංගාව ආශ්‍රිතව ඉහළ ගංවතුර තත්ත්වයක් ඇතිව බැවින් අනාවැකි පළකර ඇති අයුරින් වැසි තත්ත්වයක් ඇතිවුවහොත් නිල්වලා ගඟ විශාල ගංවතුර ආරක්ෂණ බැමි ඇතැම් ස්ථානවලින් උතුරා යාමේ දැඩි අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් මාතර, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, අතුරළිය සහ අකුරැස්ස යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් නිල්වලා ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අදාළ නිවේදනය මගින් ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම සඳහා දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here