
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් 50,000ක මුදලක්
ARUNA LK NEWS
04 October 2023
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් 50,000ක මුදලක්
මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම දිනා දුන් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකටි විධායක කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව රිදී පදක්කම දිනූ ශ්‍රී ලංකා පිලට අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.