කොන්දේසි කඩමින් චීන නැව ලංකාවට

0
129

කොන්දේසි කඩමින් චීන නැව ලංකාවට
ARUNA LK NEWS
30 September 2023 | තිස්ස රවීන්ද්‍ර පෙරේරා

කොන්දේසි කඩමින් චීන නැව ලංකාවට
දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති shyyang 6 නමැති චීන නෞකාව ඊට පනවා ඇති කොන්දේසි කඩකරමින් මෙරටට ළඟා වීමට උත්සාහ දරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම චීන නෞකාවේ ශ්‍රී ලංකා ගමන සම්බන්ධයෙන් ඉන්දියාවත්, ඇමරිකාවත් සිය දැඩි විරෝධය දක්වා තිබුණි.

shyyang නෞකාව ලංකාවට එන්නේ නම් එය ශ්‍රී ලංකා වරායට ඇතුළු වීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් අවසර දී ඇත්තේ නොවැම්බර් 25 වැනිදායින් පසුවය.

එය නොවැම්බර් මසට යෙදී ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ චීන සංචාරය නිමා වීමෙන් පසුව යෙදෙන දිනයකි.

චීන නෞකාවට මෙරටට ළඟා වීමට ආරක්ෂක අමාත්‍යාංශය අවසර දී ඇත්තේ කොන්දේසි දෙකක් මතය.

ඉන් එකක් වන්නේ නෞකාව පැමිණිය යුත්තේ ජනාධිපතිවරයාගේ චීන සංචාරයෙන් පසුව විය යුතු බවයි.

නාරා ආයතනය සහ රුහුණු විශ්වවිද්‍යාලය සමග කරන පර්‌යේෂණයේදී ගිවිසගත් කොන්දේසි කඩ නොවන අයුරින් කටයුතු කළ යුතු බව අනික් කොන්දේසියයි.

එහෙත් මෙම කොන්දේසි දෙකෙන් පළමුවැන්න උල්ලංඝනය කරමින් චීන නෞකාව ලංකාව බලා පිටත්ව තිබේ.

ඒ පසුගිය 10 වැනිදාය.

ඒ අනුව නෞකාව ඔක්තෝබර් 02 දා වන විට ලංකාවට පැමිණීමට නියමිත බව අන්තර්ජාතික නාවි ගමනාගමනය පිළිබඳ තොරතුරු සපයන Vesel finder.com නමැති වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් රජයේ ඉහළ නිලධාරියකු කියා සිටියේ කොන්දේසි කඩකරමින් shyyang නෞකාව මෙරටට පැමිණියහොත් එය මෙරටට භාර ගන්නවාද නැද්ද යන්න විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණයක් ගත යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here