
පෝලන්ත තරුණියක් තංගල්ලේ දී ජීවිතක්ෂයට පත්වෙයි
ARUNA LK NEWS
25 September 2023
සිය පෙම්වතා සමඟ අනතුරුදායක ස්ථානයක දිය නාමින් සිටිය දී පෝලන්ත ජාතික කාන්තාවක් දියේ ගිලී මියගොස් තිබේ.
තංගල්ල මුහුදු තීරයේ දී ඇය මෙම අනතුරට මුහුණ දී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 22හැවිරිදි වියේ පසු වූ තරුණියකි.
මෙම පෙම්වතුන් දෙදෙනාම දියේ ගිලී ඇති අතර ප්‍රදේශවාසීන් කඩිනමින් ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද විදේශීය තරුණිය එහිදී මියගොස් තිබේ.