බ්‍රිතාන්‍යයේදී “බලගතු සහ බලපෑම් කළ හැකි කාන්තාව” සම්මාන දිනූ පුෂ්පා දිවයිනට

0
327

බ්‍රිතාන්‍යයේදී “බලගතු සහ බලපෑම් කළ හැකි කාන්තාව” සම්මාන දිනූ පුෂ්පා දිවයිනට
MAWBIMA LK NEWS
By T.K.G. Kapila-Katunayaka –
සැප්තැම්බර් 22, 2023

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සහ එරට ගෝලීය වාණිජ මණ්ඩලයෙන් “ලෝකයේ බලගතු ම සහ බලපෑමක් කළ හැකි කාන්තාව” ලෙස නම් කරමින් ජාත්‍යන්තර අගැයීම් සම්මාන දෙකකින් පිදුම් ලැබූ කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යානි ද සොයිසා අද (සැප්. 22) දිවයිනට පැමිණියා ය.

තමන් රාජ්‍ය සේවයට පරිබාහිරව පෞද්ගලික ධනය, කාලය, ශ්‍රමය කැප කරමින් සේවය කිරීම නිසා එය ඇගයීමට ලක් කරමින් මෙම සම්මාන ලබා දී ඇති බව පුෂ්පා රම්‍යානි කටුනායක ගුවන් තොටුපොළේදී ප්‍රකාශ කළා ය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ වික්ටෝරියා මහ රැජිණ එදා ෆ්ලෝරන්ස් නයිටිංගේල් අගැයීමකට ලක් කරමින් සම්මානයක් ප්‍රදානය කිරීමෙන් පසුව, ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය කරමින් තමන්ට මෙසේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මානයක් හිමිව තිබීම විශේෂත්වයක් ඇය ප්‍රකාශ කළා ය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙද නිලධාරීන් 75,000ක් අවශ්‍ය වුව ද, දැනට සිටින්නේ 38,000ක් වැනි සංඛ්‍යාවක් බව ද ඇය පැවසුවා ය.

මේ නිසා රෝහල් වෙත පිවිසෙන රෝගීන්ට පූර්ණ හෙද සත්කාර ලබා දීමට අවකාශයක් නොමැති බව ද ප්‍රකාශ කළ ඇය, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් පමණක් නොව හෙද නිලධාරීන් ද අමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල සේවය සඳහා විශාල වශයෙන් ඇදී ගොස් ඇති බව ද ඇය සඳහන් කළා ය.

මීට වසර කීපයකට පෙර එකවර හෙද සේවය සදහා 5,000ක පිරිසක් බඳවා ගත් බව ත්, ඔවුන් ඉදිරි වසරවලදී විශ්‍රාම ගැනීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ හෙද සේවයට මේ නිසා එකවර 5,000ක පිරිසක් අහිමි වී යාමට නියමිතව ඇති බැවින් ශ්‍රී ලංකාවේ හෙද සේවය ද ශීඝ්‍ර කඩා වැටීමකට ලක් විය හැකි බව ත් ඇය පෙන්වා දුන්නා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here