ජපානයේ 10න් එකක්ම අවුරුදු 80ට වැඩි පුද්ගලයෝ

0
345

ජපානයේ 10න් එකක්ම අවුරුදු 80ට වැඩි පුද්ගලයෝ
DINAMINA LK NEWS
September 20, 2023

ඉතිහාසයේ පළමුවතාවට ජපානයේ පුද්ගලයන් දසදෙනකුගෙන් එක් අයකුට වඩා අවුරුදු 80 හෝ ඊට වැඩි වයසක පසුවන බව වාර්තාවකින් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එරට ජාතික සංඛ්‍යාලේඛන දත්තවලට අනුව මිලියන 125ක ජනගහනයක් ඇති ජපානයේ අවුරුදු 65 හෝ ඊට වැඩි වයසේ පසුවන පුද්ගලයන්ගේ ප්‍රතිශතය 29.1%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

ජපානය ලොව අඩුම උපත් අනුපාතයක් හිමි රටක් ලෙස සැලකෙන අතර, එහි ජනගහනය වයසට යෑම පාලනය කිරීම දුෂ්කර වනු ඇතැයි ද වාර්තා වේ. එරට වර්ධනය වන ජීවන වියදම ඉහළ යෑමේ ප්‍රවණතාව මැද වැඩි පැය ගණනාවක් රැකියාවේ නිරතවන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇතැයි ද, එය එරට උපත් අනුපාතයේ වර්ධනයට දැඩි බලපෑමක් එල්ල වූ කරුණක් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here